සාලාවේ විපතට පත්වූවන්ට මි. 1216ක් වන්දි ගෙවලා

(කොළඹ, ලංකාපුවත්) – සාලාව යුද හමුදා අවි ගබඩාව පිපිරීයාම හේතුවෙන් විපතට පත් පුද්ගලයන්ට සහ දේපළ සඳහා වන්දි ලෙස රුපියල් මිලියන එක්දහස් දෙසිය දහසයක මුදලක් ලබාදි ඇතැයි රාජ්‍ය ඇමැති චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (6) ප්‍රකාශ කළේය.

අවි ගබඩාව පුපුරා යාම හේතුවෙන් මියගිය පුද්ගලයකු වෙනුවෙන් රුපියල් ලක්ෂයක මුදලක් වන්දි ලෙස ලබා දී ඇති බවත්, හානි වූ නිවාස හා දේපළ වෙනුවෙන් තක්සේරු දෙපාර්තමේන්තුව ලබා දී ඇති තක්සේරු වාර්තා අනුව වන්දි ලබාදීම් සිදුකර ඇතැයි ද ඇමැතිවරයා පැවසීය.

වන්දි ලබාදීමේ දී අඩුපාඩු සිදු වී ඇත්නම් ඒ පිළිබඳ වත්මන් රජය සළකා බලා සාධාරණය ඉටුකිරීමට සුදානම් බවත් ඇමැතිවරයා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

සාලාව අවිගබඩාව පුපුරා යාම හේතුවෙන් සිවිල් පුද්ගලයකු හා යුද හමුදා සාමාජිකයකු මිය ගිය බවත් ඇමතිවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *