ලන්ඩන් සිට ලාංකික සිසුන් 207ක් දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිවෙ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර සිටි ශ්‍රී ලාංකික සිසුන් 207 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත අද (04) අලුයම පැමිණියේය.

මෙම සිසුන් ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළේ සිට අද දින අලුයම 3.30ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

මෙම සිසුන් පිරිස සහ ඔවුන්ගේ ගමන් මලු ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් විෂබීජ හරණය කිරීමෙන් පසු, ශ්‍රී ලංකා යුද හමුදාව විසින් බස් රථ මගින් පිරිස නීරෝධායන කටයුතු සදහා රැගෙන යෑම සිදු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *