කල් ඇතිව දින වෙන් කර ගන්නැයි මෝටර් රථ දෙපාර්තමේන්තුව ඉල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් සැපයෙන සේවා ලබා ගැනීමේදී කල්වේලා ඇතිව දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීම සදහා ඇති පහසුකම තවත් පුළුල් කර තිබේ.

කොවිඩ් නයින්ටීන් වසංගතය හේතුවෙන් ඇති වූ අවදානම් සහගත තත්ත්වය හේතුවෙන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරුණි. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සේවා ලබා ගැනීමට බලාපොරොත්තුවන ජනතාව කල්වේලා ඇතිව දුරකථනය ඔස්සේ දිනයක් හා වේලාවක් වෙන්කරගත යුතු වේ. එසේ නොමැතිව කිසිවෙකුටත් දෙපාර්තමේන්තු පරිශ්‍රයට ඇතුලුවීමට අවසර නොලැබෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් සී කේ අලහකෝන් මහතා පවසයි.

දැනට වෙන්කර ඇති දුරකථන අංක කාර්ය බහුල වන බව පෙනී ගොස් ඇති බැවින් අමතරව තවත් දුරකථන අංක කිහිපයක් ද හදුන්වා දිමට දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

සතියේ දිනවල පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා මෙම අංක අමතා දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීමට අවස්ථාව උදා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *