කල් දැමුණු 2020 IPL තරගය පැවැත්වෙන දින ප්‍රසිද්ධ කරයි

(කොළඹ, ලංකාපුවත්) – කල්දැමුණු ඉන්දීය ප්‍රිමියර් ලීග් 2020 ක්‍රිකට් තරගාවලිය 2020 සැප්තැම්බර් 19 සිට නොවැම්බර් 08 දක්වා යන දින තුළ පැවැත්වීමට තීරණය කර ඇතැයි අයිපීඑල් පාලක මණ්ඩලයේ සභාපති බ්‍රිජේෂ් පටෙල් සදහන් කරයි.

තරඟාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට කටයුතු කරනු ඇත.

පසුගිය අප්‍රේල් මාසයේ පැවැත්වීමට නියමිතව තිබු 2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් දැමුවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තරග පැවැත්වෙන ආකාරය පිළිබඳව පසුව දැනුම්දීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *