තායිවානයේ ප්‍රජාතන්ත්‍රවාදයේ පියා “ලී ටෙන්ග් හුයි” අභාවප්‍රාප්ත වෙයි

(කොළඹ, ලංකාපුවත්) – තායිවාන ප්‍රජාතන්ත්‍රවාදයේ පියා ලෙස සැලකෙන, හිටපු ජනාධිපති ලී ටෙන්ග් හුයි අභාවප්‍රාප්ත වෙයි. මිය යන විට ඔහු 97වැනි වියෙහි පසු විය.

තායිවානයේ අත්තනෝමතික පාලනය අවසන් කිරීමේ ගෞරවය මොහුට හිමිවේ.

එමෙන්ම සෘජු ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමය තායිවානයට හදුන්වා දුන්නේ ද ලී ජනාධිපතිවරයායි.

මොහු 1988 වසරේ සිට 2000 වසර දක්වා චීනයේ මෙන්ම චීනයට අයත්ව තිබූ තායිවානයේ ද ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන ලදි.

මාස කිහිපයක් රෝහල් ගතව සිටි ලී ටෙන්ග් හුයි අද උදෑසන මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *