මිෂෙල්ගේ ලංකාවේ මානව හිමිකම්වලට එරෙහි ප්‍රකාශයට නිසි පිළිතුරු

(කොළඹ, ලංකාපුවත්) – යෝජිත 20 වෙනි ආණ්ඩක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් පිළිබද මහකොමසාරිස්වරියගේ අදහස් දැක්වීම අත්තනෝමතික හා උපකල්පන මත පදනම් වූ පූර්ව විනිශ්චය සහිත අදහස් දැක්වීමක් බව ශ්‍රී ලංකා රජය ජගත් මානව හිමිකම් කවුන්සිලය හමුවේ අවධාරණය කළේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවාහි වැඩබලන ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හා සභාපතිනී දයානි මෙන්ඩිස් මහත්මිය ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 45 වෙනි සැසිවාරය අමතමින් මේ බව ප්‍රකාශ කළාය. ඒ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිලිබද මහකොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය සිදු කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනුයි.

පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක් අනුගමනය කරන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හරහා ඉදිරිපත් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේ 20වන සංශෝධන පනත් කෙටුම්පත පිලිබද සාකච්ඡා කර විවාද කරනු ඇති බවද එහිදී සියලුම පාර්ශ්වකරුවන්ට තම අදහස් සහ මත ඉදිරිපත් කිරීමට ඉඩ ප්‍රස්ථාව ලබාදී ඇති බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *