ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාග සම්බන්ධයෙන් විභාග කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්

(කොළඹ, ලංකාපුවත්) – මේ මස පැවැත්වීමට නියමිතව තිබෙන 05 වසර ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පුජිත මහතා ප්‍රකාශයක් කර තිබේ.

ඒ, අනුව පෙර දැනුම් දුන් දිනයන්වලම විභාග පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති බව ඔහු සඳහන් කරයි.

එමෙන්ම මේ දක්වා විභාග පැවැත්වෙන දිනයන් වෙනස් කිරීමක් සම්බන්ධයෙන් අදහස් කර නොමැති බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *