නවෝත්පාදන සහය පියස සෑම සඳුදා දිනකම ක්‍රියාත්මකයි

(කොළඹ, ලංකාපුවත්) –නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියගේ සංකල්පයක් අනුව තාක්ෂණ, පර්යේෂණ හා නවෝත්පාදන සම්බන්ධ සේවාවන් ජනතාවට සමීප කරවීමට මෙන්ම එම ක්ෂ්‍රේත්‍රයට අදාලව ජනතාවට ඇති ගැටඵ නිරාකරණය හා තාක්ෂණික මාර්ගෝපදේශ කඩිනමින් සැපයීම අරමුණු කරගත් සම්බන්ධීකරණ ඒකකයක් ලෙස නවෝත්පාදන සහය පියස සෑම සඳුදා දිනකම, සෙත්සිරිපාය දෙවන අදියරේ 6 වන මහලේ ඇති අමාත්‍යාංශ පරිශ්‍රයේ දි ක්‍රියාත්මක කෙරේ.

අමාත්‍යතුමියගෙ මුලීකත්වයෙන් පසුගියදා මෙහි සේවා සම්බන්ධීකරණ කෙටි දුරකථන අංකය ලෙස 1966 හඳුන්වා දී ක්‍රියාත්මක විය.

රට තුළ උදුගත වී ඇති කොවීඩ් 19 අවදානම් තත්වය හේතුවෙන් මෙම ආයතනයට පැමිණ සෙවාවන් ලබා ගැනීම තාවකාලිතව නවත්වා ඇති අතර, මෙම ඒකකයේ සේවා සම්බන්ධීකරණ කෙටි දුරකතන අංකය වන 1966 හරහා සම්බන්ධ වී තම ගැටළු නිරාකරණය කර ගැනීමට සේවා ලාභීන්ට පහසුකම් සපයා ඇත.

මෙහි ආරම්භක අවසථාවේදී ගරු අමාත්‍යතුමිය විසින් දුරකථන මාර්ගය ඔස්සේ නවනිපැයුම්කරුවන් හා සම්බන්ධ වූ අතර ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද තොරතුරු නිවැරදි පර්ශවන් වෙත යොමුකර ගැටළු සදහා ඉක්මන් විසදුම් ලබා දෙන ලෙස යෝජනා කෙරිණි

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශයේ පර්යේෂණ හා නව නිපැයුම් අංශයට අයත් ආයතන රාශියක් දිවයිනේ විවිධ ස්ථානවල ස්ථාපිත කර තිබේ. තාක්ෂණය පදනම් කරගත් සමාජයක් ගොඩනැගීම මෙන්ම එහි ප්‍රතිලාභ සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවට උරුම කර දීම මෙම සියලු ආයතනවල මූලික අභිප්‍රාය වන අතර, රටේ ආර්ථික සංවර්ධනයට සුවිශේෂී දායකත්වයක් ලබාදීමේ හැකියාව මෙම ආයතන සතුවේ.

රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය මෙම ආයතන පිළිබඳ විධිමත් අධ්‍යයනයක් කොට ජනතාවට මෙම ආයතනවලින් වඩා කාර්යක්ෂමව සේවා ලබා ගැනීමට හැකිවන පරිදි නව සංකල්පයක් ලෙස නවෝත්පාදන සහය පියස ආරම්භ කිරීමට පියවර ගත්තා ය.

අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන පර්යේෂණ හා සංවර්ධන ආයතනවලින් විවිධ වූ සේවාවන් ලබා ගැනීමට පැමිණෙන සේවාලාභියෙකුට එක වහලක් යටදී කාර්යක්ෂම හා සුහදශීලී සේවාවක් මෙන්ම මගපෙන්වීමක් ඉතා ඉක්මනින් ලබාදීමට නවෝත්පාදන සහය පියස ක්‍රියාත්මකටය. මෙහි සේවා සම්බන්ධීකරණ කෙටි දුරකථන අංකය ලෙස 1966 හඳුන්වා දී තිබේ. තාක්ෂණය පදනම් කරගත් සමාජයක් බිහිකිරිම තුළින්, පර්යේෂණ හා නවෝත්පාදන හරහා එහි ප්‍රතිලාභ ආර්ථිකයට දායක කර ගැනීමට සාමූහිකව කටයුතු කළ හැකි ස්ථානයක් මේ හරහා නිර්මාණය වේ.

අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම, ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය, කාර්මික තාක්ෂණ ආයතනය, ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය, නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනය, ජාතික විද්‍යා පදනම, ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිසම, ජාතික පර්යේෂණ සභාව, ජාතික මූලික අධ්‍යයන ආයතනය, විද්‍යා තාක්ෂණ හා නවෝත්පාදන සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයය, සිත්‍රා – සමාජ නවෝත්පාදන පර්යේෂණාගාරය මෙන්ම දිවයින පුරා ස්ථාපිත කර ඇති විදාතා සම්පත් මධ්‍යස්ථාන ජාලය සහ ලෝක බුද්ධිමය දේපල සංවිධානය ආදී ආයතන සම්බන්ධීකරණයෙන් නවෝත්පාදන හා පර්යේෂණ විෂයයට අදාල පහසුකම් සැලසීමේ කාර්යය මෙම පියස තුළ දී සිදු කිරීමට අපේක්ෂා කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *