මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 403ක් දක්වා ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – තවත් කොරෝනා ආසාදිත මරණ 06ක් ඊයේ(15) වාර්තා වු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඒ සමඟ මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 403 ක් දක්වා ඉහළ ගියේය.

මෙලෙස මියගොස් ඇත්තේ දිවුලන්කඩවල ප්‍රදේශයේ පදිංචිව සිටි 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, පල්ලෙතලවින්න ප්‍රදේශයේ පදිංචිව සිටි 48 හැවිරිදි කාන්තාවක්, හංවැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 57 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 80 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, වත්තල ප්‍රදේශයේ පදිංචිව සිටි 68 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ හුන්නස්ගිරිය ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *