කෙවිඩ් වාතාවරණය තුළ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය සේවාවන් ශක්තිමත් කිරීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය සේවාවන් වෙත ප්‍රවේශය සවිමත් කිරීමේඅරමුණින් සහ තරුණයන් හා කාන්තාවන්හට වෙන්වූ සෞඛ්‍ය මධ්‍යස්ථානවල යටිතල පහසුකම් හා එහි සපයන සේවාවන් වැඩිදියුණු කිරීමට අවශ්‍ය උපකරණ, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල සහ ජපාන රජය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට භාරදීම ඊයේ(29) සිදුවිය.

කාන්තාවන් සහ තරුණ ප්‍රජාව ඉලක්කකර ගනිමින් ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම්වූ ප්‍රචණ්ඩත්වය පිළිබඳ තොරතුරු සහ සේවාවන් සඳහා ප්‍රවේශය වැඩිදියුණු කිරීමට¦ ජපන් රජයේ අනුග්‍රහය ඇතිව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල තුලින් ක්‍රියාත්මකවන, ‘ප්‍රාර්ථනා’නම් වූ ව්‍යාපෘතිය තුලින් මෙම උපකරණ ලබාදෙන ලදී.

මෙම තුන්අවුරුදු ව්‍යාපෘතිය ඇමරිකානු ඩොලර් මිලියන 1.5 ආධාරයකින් යුතුව ක්‍රියාත්මකවන අතර, ශ්‍රී ලංකාවේ පවුල් සැලසුම් සේවා සඳහා කාන්තාවන්ගේ ප්‍රවේශය ඉහළ නැංවීම, තරුණයන් හා කාන්තාවන්හට වෙන්වූ සෞඛ්‍ය මධ්‍යස්ථාන වැඩිදියුණු කිරීම සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම්වූ ප්‍රචණ්ඩත්වයට ගොදුරුවූවන්හට සපයන සේවාවන් ශක්තිමත් කිරීමට මෙම ව්‍යාපෘතිය මූලික වශයෙන් අවධානය යොමුකරයි.

එනිසාවෙන්, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල, ඇමරිකානු ඩොලර් 150,000කට වැඩි වටිනකමකින් යුත් වෛද්‍ය හා තොරතුරු සන්නිවේදන තාක්ෂණ උපකරණ¦ ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා මහතා, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ නියෝජිත රිට්සුනැකන් මිය සහ අනෙකුත් නිලධාරීන් ඉදිරියේ පවුල්සෞඛ්‍ය කාර්යාංශයේ දී සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදෙන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *