එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ‘VDR’ යන්ත්‍රය රහස් පොලිස් භාරයට

(කොළඹ, ලංකාපුවත්) – ගිනිගෙන විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ‘වොයිස් ඩේටා රෙකෝඩර්’ හෙවත් ‘VDR’ පණිවුඩ හුවමාරු දත්ත පටිගත කිරීමේ පද්ධතිය ඊයේ (05) දිනයේදී නාවික හමුදාවේ ද සහාය ඇතිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබේ.

ඒ අනුව නෞකාවේ හටගත් ගින්න පිළිබඳව සිදුකරන පරීක්ෂණවලට අදාලව අදාල යන්ත්‍රයේ අඩංගු දත්ත විශ්ලේෂණය කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ගිනි ගැනීමට ලක් වූ එම්.වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට පුද්ගලයින් විසි දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

නෞකාවේ කපිතාන්වරයා, ප්‍රධාන ඉංජිනේරුවරුන් දෙදෙනා ඇතුළු නෞකාවේ ප්‍රධානීන්, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිළධාරීන්ද ඒ අතර වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *