අගමැති ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගනියි

(ලංකාපුවත් | කොළඹ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද (19) උදෑසන අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගත්තේය.

අනතුරුව අනුරාධපුර අටමස්ථානාධිපති, ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝ නායක, ආචාර්ය පල්ලේගම සිරිසුමන ධම්මරක්ඛිත සිරිනිවාස නායක හිමි බැහැදැක උන් වහන්සේගේ සුවදුක් විමසා සිටි අග්‍රාමාත්‍යවරයා උන්වහන්සේගේ ආශීර්වාද ලබා ගත්තේය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන, උතුරු මැද පළාත් හිටපු මහ ඇමැති එස්.එම්. රංජිත් මහත්වරු ඇතුළු කිහිප දෙනෙක් ද සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *