අමෙරිකා ජනපති, පුටින්ට අනතුරු අඟවයි

(ලංකාපුවත් | කොළඹ) – රුසියාව යුක්රේනය ආක්‍රමණය කළහොත් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට එරෙහිව පෞද්ගලික සම්බාධක පැනවීමක් සිදුකරන බව අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සදහන් කර ඇත.

ඔහු අගහරුවාදා මේ බව සදහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රුසියාව යුක්රේනයට තවදුරටත් බලපෑම් සිදුකළහොත් රුසියාවට දැවැන්ත ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවනු ඇති බවද අමෙරිකා ජනාධිපතිවරයා අනතුරු අඟවනු ලැබේ. යුරෝපා රටවල් රැසක් ද මේ වනවිට යුක්රේනයට යුද සහාය ලබාදීමට සූදානමින් පසුවේ.

රුසියා දේශසීමා අසල හමුදා භටයින් ලක්ෂයක් පමණ සේවයට යොදවා තිබුණ ද යුක්රේනය ආක්‍රමණය කිරීමට කිසිඳු අදහසක් නොමැති බව රුසියාව නිවේදනය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *