(කොළඹ, ලංකාපුවත්) – බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහරැජින අද(21) සිය 91 වන ජන්ම දිනය සමරයි.
දෙවන එලිසබෙත් මහරැජිනව සැලකෙන්නේ ලොව දීර්ඝතම කාලයක් රජ කිරුළ හෙබවූ රැජින ලෙසය.
මේ නිමිත්තෙන් ලන්ඩනයේ ටවර් බ්‍රිජ් සහ හයිඩ් පාර්ක් හිදී ආචාර වෙඩි මුර පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.
දෙවන එලිසබෙත් මහ රැජිනගේ 90 වන ජන්ම දිනය පසුගිය වසරේදී උත්කර්ශවත් අන්දමින් සමරනු ලැබූ අතර, ඉන් පසු ඇය සිය රාජකාරි රැසක් මීළග පරපුරට පවරනු ලැබීමද විශේෂත්වයක් විය.
කිරුළට ආසන්නතම හිමිකරු චාල්ස් කුමරු වුවත්, එහිදී විලියම් සහ හැරී කුමරුවන්ට හිමිව ඇත්තේ වැදගත් ස්ථානයකි.