(කොළඹ, ලංකාපුවත්) – උතුරුමැද මහ ඇමතිවරයාට එරෙහිව උතුරුමැද පළාත් සභාවේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් 17 දෙනෙකුගේ අත්සනින් යුතුව දුන් පෙත්සම ආණ්ඩුකාරවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
උතුරු මැද පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් 17 දෙනෙකු ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව ආණ්ඩුකාරවරයා වෙත දිවුරුම් පෙත්සම් භාර දී තිබුණි.
ඔවුන් එමඟින් ඉල්ලා ඇත්තේ පේෂල ජයරත්න ප්‍රධාන අමාත්‍යවරයා විසින් විශ්වාසය කඩ කර ඇති බැවින් මීට පෙරාතුව ප්‍රධාන අමාත්‍ය ධූරය දැරූ එස්.එම් රංජිත් මහතාට එම ධූරය නැවත ලබාදෙන ලෙසයි.