(කොළඹ, ලංකාපුවත්) – තායිලන්තය, ෆේස්බුක් සමාජ ජාලය අවහිර කිරීමට සූදානම් වේ. එරට රජ පවුලේ සාමාජිකයින් පිළිබද අපහාසාත්මක සටහන් ෆේස්බුක් සමාජ ජාලය හරහා හුවමාරු වීම ඇතුලු කරුණු කිහිපයක් මීට බලපා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.
තායිලන්ත ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ෆේස්බුක් පිටු ඉවත් කිරීමට පියවර නොගන්නේ නම් ෆේස්බුක් වෙබ් අඩවිය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට කටයුතු කරන බව ද එරට වාර්තා පෙන්වා දී ඇත.
එම ෆේස්බුක් පිටු ඉවත් කිරීම සදහා තායිලන්ත බලධාරීන් විශේෂ කාලයක් ලබා දී තිබුණි. මීට වසර තුනකට පෙර හමුදා කුමන්ත්‍රණයක් තුළින් බලයට පත්වූ තායිලන්ත රජය, එරට රජ පවුලට එරෙහිව අන්තර් ජාලයේ ලිපි පළකරන අයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටියි.
එලෙස තායි රජපවුලට එරෙහිව ෆේස්බුක් පිටුවල පළවන ලිපිවලට කැමැත්ත පළ කළ පිරිසට ද නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව එරට වාර්තා වැඩි දුරටත් සදහන් කරයි.