චීනය කියන්නේ ඍතු 4 ඇති කෝටි 137ක් පමණ දෙනෙක් ජීවත් වන විශාල භූමි ප්‍රදේශයක් බව ඔබ දන්නවා. ඒ වගේම චීනය ලොව විශාලම පළතුරු නිෂ්පාදන රට කියන්නත් පුළුවන්. චීනයේ වැඩිම පිරිස ආහාරයට ගන්න පළතුර තමයි, ඇපල්. එය තවත් ලෙසකින් කිව්වොත්, ඍතු 4 හිම ඇපල් වගා කිරීමට ගොවියන්ට නොහැකි වුණත්, සෑම ඍතුවකම හිග නොවන පළතුරක් මේ ඇපල්. ඒ ගබඩා කිරීමෙන්. වසරකට චීනය නිෂ්පාදනය කරන ඇපල් ප්‍රමාණය ටොන් කෝටි 4 ඉක්මවනවා. නිෂ්පාදනය කරන බිම් ප්‍රමානය අනුව, කියනවනම් සමස්ත වගා භූමියෙන් ඇපල් වගා කරන භූමි ප්‍රමාණය සියයට 15ක්. දැන් මං මේ කියන්න යන්නේ, ඇපල් ගැන අහන්න අකමැති වුණත් තිත්ත ඇත්ත කතාවක්.
ඇපල් බොහෝ ගුණදායි පළතුරක්. ඒ වගේම බොහොදෙනෙක් ඉතාමත්ම කැමති පළතුරක්. නමුත්, ඔබ දන්නවද? මිනිස් පරිභෝජනයට සහ ශරීරයට නුසුදුසු බැර ලෝහ සහ පළිබෝධ නාශක අවශේෂ කොටස් 47 ක් පමණ මේ ඇපල් වල ඇති බව, පසුගිය දිනක විද්‍යාඥයින් පිරිසක් සොයාගෙන තිබෙනවා. ආනයනික පළතුරු නිසා පළිබෝධ හා රසායනික පොහොර තුළ ඇති “කැඩ්මියම්” වැනි විෂ බැර ලෝහ රටින් රටට ප්‍රසාරණය වන බව සොයාගෙන තිබෙනවා. මහජන සෞඛ්‍ය සදහා ක්‍රියාත්මක පර්යේෂණ පදනමක් වන, ලොව පිළිගත් “පරිසර හිතකාමී සංවිධානය” සෑම වසරකදීම යුරෝපා වෙළද පළේ විකිනීමට ඇති පළතුරු සහ එළවළුවල වස විස පිළිබදව සොයා බැලීමක් සිදුකරනවා. ඔවුන් පසුගියදා ඒ අනුව, දූෂිතම පළතුරු සහ එළවළු වර්ග 12 ක් තෝරා තිබෙනවා. සෑම වසරකදීම වගේ මේ වර්ෂයේ සිදුකළ පර්යේෂණ වලදීත් ඇපල් එම දුෂිතම ලේඛනයේ අංක 1ට පත්වී තිබෙනවා. ඔවුන් පර්යේෂණය සදහා භාවිත කළ ඇපල් වලින් සියයට 92 ක් පමණ මිනිස් පරිභෝජනයට නුසුදුසු බවයි, කියා සිටියේ. කල්තබා ගැනීම සදහා “සිල්ව නයිට්ට්‍රේට්” එන්නත් කිරීම වගේම පිටතත් ගල්වනු ලබනවා. එවිට පළතුරු ඉතා දීර්ඝ කාලයක් සහ සජීවීව පවත්වා ගැනිමට හැකි බවයි, විශ්වාස කෙරෙන්නේ.
කෙසේ වුවත් “සිල්ව නයිට්ට්‍රේට්” කාලයත් සමග ශරීරගත වීම ස්නායු ආබාධ, මොළයට සිදුකරන හානිකර තත්වයන් හා පිළිකා වැනි රෝගකාරක රාශියකට ඉවහල් වන බවයි, පර්යේෂකයින් නවතම පර්යේෂණ මගින් සොයා ගෙන ඇත්තේ. ඇපල් වලට වෙළද පළේදී කල්තබාගැනීම සදහා පෝමලීන් ඉසිනු ලබනවා. ඔබ දන්නවාද කොපමණ විෂ සහිත වුවත්, කිරි කල්තබා ගැනීමටත්,මාළු, කරවල කල් තබා ගැනීමටත් මෙම පෝමලීන් භාවිත කරන බව.
මේ ඇපල් කල් තබා ගැනීමේ නවතම තවත් ක්‍රමවේදයක් තමයි, ආහාරයට ගත හැකි ඉටි වර්ගයක් එහි තැවරීම. මේ සදහා බහුල වශයෙන් භාවිතා කරනු ලබන්නේ මෝෆලීන් සහ ෆැරෆීන් නමින් හදුන්වන ඉටි වර්ග. මින් “මෝෆලීන්” යුරෝපා සංගමය විසින් තහනම් කර තිබෙනවා.
ලංකාව වසරකට කෝටි 20 ක් පමණ ඇපල් අනුභව කරන රටක්. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන පළතුරු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 42,000 ක් පමණ වනවා. ඒ නිසා මේ තොරතුර ගැන මොහොතකට හරි හිතන්න.
චීනයේ සිට නිසංසලා රත්නායක විසින් රචිත විශේෂාංග ලිපියකි.