(කොළඹ, ලංකාපුවත්) – ජල ගැලීම් හා නායයෑම් හේතුවෙන් විපතට පත් ජනතාව රැදීසිටින සෑම සහන කදවුරක්ම සෘජු අධීක්ෂණයකට ලක් කරන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරනු ලැබේ.
ඒ අනුව ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යා නිලධාරීන් හරහා දෛනිකව එම අධීක්ෂණ කටයුතු සිදුකරන බව වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පැවසීය.
ඔහු කියා සිටියේ අවතැන් ජනතාව රැදී සිටින කදවුරු කේන්ද්‍ර කරගනිමින් වෛද්‍ය සායන පවත්වන අතර දැනට කිසිදු අවදානම් රෝග තත්ත්වයක් වාර්තා වී නොමැති බව ය.
කදවුරු ආශ්‍රිතව දුමායන කටයුතු සිදුකිරීම මඩට හා ජලයට නිරාවරණය වු අයට අවශ්‍ය ප්‍රතිජීවක ඖෂධ ලබාදීම අඛණ්ඩව සිදුකෙරේ.