(කොළඹ, ලංකාපුවත්) – යාපනය දිස්ත්‍රික්කයට බලපා ඇති දැඩි නියං තත්ත්වය හේතුවෙන් පවුල් 33,000කට අයත් පුද්ගලයින් 121,000ක් දෙනෙකුට පානීය ජලය ඇතුළු අනෙකුත් අවශ්‍යතා වෙනුවෙන් ජලය නොමැති වීමෙන් දැඩි බලපෑමකට ලක්ව සිටින බවට යාපනය දිසාපති නාගලිංගම් වේදනායගම් මහතා පැවසීය.
යාපනය දිසාපතිවරයා කියා සිටියේ යාපනය කයිට්ස්, මරදන්කේනි, කරෙයිනගර්, සංදිලිපායි, සංගත්තානෙයි, වේලනයි යන ප්‍රදේශ වෙත නියං තත්ත්වය දැඩිව බලපා ඇති බව ය. මේ වන විට ආපදා කලමනාකරණ අමාත්‍යංශය මගින් එම වැසියන්ට අවශ්‍ය පහසුකම් යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය හරහා ලබා දීමට කටයුතු යොදා ඇති බවත් ඔහු සදහන් කළේය.
මේ අතර යාපනය පුංකුඩතිව් හා මණ්ඩතිව් යන ප්‍රදේශහි ජනතාව පානීය ජලය නොමැතිව දැඩි පීඩාවන්ට පත්ව සිටින අතර ඔවුන්ට දිනකට අවශ්‍ය පානීය ජලය නොමැතිව මාර්ග අසල දිනය පුරා රැඳී සිටිමට සිදුව ඇති බවත් ප්‍රදේශයේ පිහිටි සියලුම ජලය පිහිටි ස්ථාන සිඳී ගොස් ඇති බවත් එම වැසියෝ කියා සිටිති.
කෙසේ වෙතත් ඉදිරියටත් වර්ෂාව නොලැබුණහොත් අවදානමට පත් වැසියන්ගේ තත්ත්වය තවදුරටත් බරපතල වන බවටද යාපනය දිසාපතිවරයා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.