(කොළඹ, ලංකාපුවත්) – සෑම සතියකම සිකුරාදා දින උදෑසන 9.30 සිට 10.30 දක්වා පැයක කාලය නිවාස, රාජ්‍ය ආයතන, සියළුම පෞද්ගලික ආයතන පිරිසිදු කිරීමේ පැය ලෙස ජනාධිපති ඩෙංගු කාර්ය සාධක බලකාය සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය හදුන්වා දී ඇත.
එම කාලය තුල නිවාස සහ රාජ්‍ය ආයතන පිරිසිදු කළ යුතු බවත්, ඒවා නිරීක්ෂණය කිරිම සදහා සෞඛ්‍ය කණ්ඩායම් සහ ත්රීවිධ හමුදා සාමාජිකයින් පැමිණෙන බවත්, සෞඛ්‍ය, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
එම පරික්ෂා කිරිම් වලදී ඩෙංගු මදුරු කීටයින් හමුවන පරිශ්‍ර ධූමානය කිරිමට ද නියමිතය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මත තුන් මාසික ඩෙංගු මදුරු මර්දන වැඩසටහනක් ද ක්‍රියාත්මකය.
මෙම වැඩසටහනට සමගාමීව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මත සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහන හෙට (16) පෙරවරු 9.30 ට ආරම්භ කිරීමට නියමිතය.
ඒ සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියළුම ආයතන ප්‍රධානීන් සහ සේවක සේවිකාවන් එක්වන බව වැඩබලන සෞඛ්‍ය ලේකම් වී.ජී.එස් ගුණතිලක මහත්මිය පැවසුවාය.