(කොළඹ, ලංකාපුවත්) – සිරියාවේ රකා නගරය සම්පූර්ණයෙන්ම වටලා ඇති බව අමෙරිකා හිතවාදී හමුදා පවසා සිටියි.
කුර්දි සහ අරාබි සටන්කරුවන්ගෙන් සමන්විත සිරියානු ප්රජාතන්ත්රවාදී හමුදාව ත්‍රස්තයින්ට පළා යාමට ඇති මාර්ග ද අහුරා තිබෙන බව වාර්තා වේ.
දකුණු දෙසින් ත්‍රස්තයින් පළා යාමට උත්සාහ දරණ බැවින් එම ප්‍රදේශ අහුරා ඇති බව ප්රජාතන්ත්රවාදී හමුදා පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.
රකා නගරය ත්‍රස්ත ග්‍රහණයට නතු වූයේ 2014 වසරේ දී ය.
ත්රස්තයින්ගේ මූලස්ථානයක් ලෙස මෙම නගරය යොදා ගෙන ඇති අතර නගරය සම්පූර්ණයෙන්ම අත්පත් කරගැනීම ප්රජාතන්ත්රවාදී හමුදාවේ අරමුණය. ඊට අදාළ මෙහෙයුම් ආරම්භ කෙරුණේ පසුගිය 06 වනදාය.