යුක්රේන –රුසියා සාම සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන්

(කොළඹ, ලංකාපුවත්) – යුක්රේන – රුසියා බලධාරීන් අතර ඊයේ බෙලරුස් රාජ්‍යයේ ගෝමේල් නගරයේදී පැවති සාම සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන්ව තිබේ.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ සහායකයෙකු පැවසුවේ යුක්රේන නිලධාරීන් සමඟ සාකච්ඡා පැය පහකට ආසන්න කාලයක් පැවති බවයි.

රුසියානු නියෝජිත කණ්ඩායමේ ප්‍රධානියා වූ ව්ලැඩිමීර් මෙඩින්ස්කි පවසා ඇත්තේ දෙපාර්ශවය “පොදු තනතුරු පුරෝකථනය කළ හැකි යම් යම් කරුණු සොයා ගත්” බවයි. එසේම තවත් සාකච්ඡා වටයකට එකඟ වූ බව මෙඩින්ස්කි පවසා ඇත.

කෙසේ වුවද ඉදිරි දින කිහිපය තුළදී දෙවන වටයේ සාකච්ඡා ආරම්භ කරන බව රුසියාව නිවේදනය කර ඇතැයි සදහන් වේ.

මේ අතර යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කිගේ ඉහළම උපදේශකයෙකුවන Mykhailo Podolyak, සාකච්ඡා විය හැකි සටන් විරාමයක් කෙරෙහි අවධානය යොමු කළ බවත් දෙවන වටයක් “නුදුරු අනාගතයේ දී” සිදුවිය හැකි බවත් පවසා ඇත.

රුසියාව යුක්රේනය ආක්‍රමණය කර දින 05 ක් ගතවන ඊයේ දිනයේදී දෙරටේ බලධාරීන් අතර සාම සාකච්ඡා පැවැත්වුණි. එහිදී යුක්රේනයේ ඉල්ලීම වූයේ සටන් විරාමයකට එළඹීම හා රුසියා හමුදා යුක්රේනයෙන් ඉවත්කර ගැනීමයි.

කෙසේ වුවද දෙපාර්ශ්වය අතර පැවැති සාකච්ඡා පිලිබද මේ වන තෙක් මාධ්‍ය දැනුවත් කර නොමැත.

මේ අතර ඊයේ දිනය වන විට රුසියා ප්‍රහාර හේතුවෙන් යුක්රේන සාමාන්‍ය වැසියන් 350 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. එමෙන්ම ලක්ෂ 05 ඉක්ම වූ පිරිසක් යුක්රේනය හැර පිටව ගොස් ඇති බව සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *