ශ්‍රී ලංකාවේ රැඳී සිටින රුසියානු සහ යුක්‍රේන සංචාරකයින්ගේ වීසා කාලය දීර්ඝ කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ රැඳී සිටින යුක්‍රේන හා රුසියානු සංචාරකයින්ගේ වීසා බලපත්‍රවල වලංගු කාලය මාස 02කින් දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ගාස්තු අය කිරීමකින් තොරව මෙය ක්‍රියාත්මක කෙරේ.

සංචාරක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය මෙලෙස හිමිව ඇත.

රුසියානු සංචාරකයින් 11,463දෛනකු සහ යුක්‍රේන සංචාරකයින් 3,993 දෙනෙකු මේ වන විට දිවයින තුළ රැඳී සිටී.

රුසියානු – යුක්‍රේන අතර වර්ධනය වී ඇති අර්බුදය හේතුවෙන් ඔවුන්ට නැවත සිය රට කරා යෑමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *