‘එක රටක්-එක නීතියක්‘ජනාධිපති කාර්ය සාධක බළකායේ කාලය දීර්ඝ කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – ‘එක රටක්-එක නීතියක්‘ සදහා වූ ජනාධිපති කාර්ය සාධක බළකායේ කාලය මාස 03කින් දීර්ඝ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා විසින් ගැසට් නිවේදනයක් ඊයේ (28) නිකුත් කර තිබේ.

‘එක රටක්-එක නීතියක්‘ සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකාය සඳහා ලබාදී තිබූ කාලය ඊයේ දිනයෙන් අවසන් වීමට නියමිතව තිබුණි.

මෙම ජනාධිපති කාර්ය සාධක බළකාය පසුගිය වසරේ ඔක්තෝබර් මස 26 වන දින පිහිටවනු ලැබීය.

දිවයිනේ සියලුම පළාත් ආවරණය වන පරිදි මහජන අදහස් ලබා ගැනීමට හා විද්වත් මණ්ඩලවලින් අදහස් ලබා ගැනීමට අවශ්‍ය වන බැවින් එම ජනාධිපති කාර්ය සාධක බළකායේ කාලය දීර්ඝ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *