මෝසූල් මුදා ගත් බව ඉරාක අගමැති නිල වශයෙන් ප්‍රකාශ කරයි

(කොළඹ, ලංකාපුවත්) – ඉරාකයේ මොසූල් නගරය අයි.එස්.කැරලිකරුවන්ගෙන් මුදා ගත් බව එරට අග්‍රාමාත්‍ය හයිදර් අල් අබාදි, නිල වශයෙන් නිවේදනය කර තිබේ.

මොසූල් නගරය ඉරාකයේ අයි.එස්.කැරලිකරුවන්ගේ අවසාන බලකොටුව ලෙසයි සැලකෙනු ඇත.

අයි.එස්.කැරලිකරුවන් මොසූල් නගරය අත්පත් කරගත්තේ 2014 වසරේදී ය. ඉන් පසු ඉරාකයේ සැලකිය යුතු භූමි ප්‍රදේශයක බලය අල්ලා ගැනීමට ඔවුන් සමත් විය.

නමුත් ආරක්ෂක අංශ සිය මෙහෙයුම් ත්‍රීවූ කරමින් එම ප්‍රදේශ මුදා ගැනීමට පියවර ගනු ලැබීය.

අයි.එස්.කැරලිකරුවන්ගේ ප්‍රධාන බලකොටුවෙක් ලෙස සැලකූ මොසූල් නගරය මුදා ගැනීමට ආරක්ෂක අංශ මෙහෙයුම් ආරම්භ කළේ ඉකුත් ඔක්තෝම්බර් මාසයේය.

මෙය අසාධාරණ ත්‍රස්ත රාජ්‍යයක බිඳ වැටීමක් බව හමුදාව සමග ජයග්‍රහණය සැමරීමට එක්ව සිටි අගමැතිවරයා කියා සිටියේය.

මෝසූල් නගරය මුදා ගැනීම සදහා මාස 09ක කාලයක් ගත වූ අතර, එම මෙහෙයුමේදී විශාල ප්‍රදේශයක් විනාශ වූ බව සදහන් වේ. ඉන් සිවිල් වැසියන් දහස් ගණනක් ජීවිතක්ෂයට පත් විය. යුද ගැටුම් හේතුවෙන් පුදගලයින් නව ලක්ෂයකට අධික පිරිසක් අවතැන් වූ බව ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *