කොළඹ – තලෛයිමන්නාරම දුම්රිය ගමන් මැදවච්චියට සීමා වෙයි

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ කොටුව සිට තලෛයි මන්නාරම දක්වා ගමන් කරන දුම්රිය ලබන 17වනදා සිට 23වනදා දක්වා මැදවච්චිය දුම්රිය ස්ථානය දක්වා සීමා කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
මැදවච්චිය – වෙඩ්ඩිකුලම අතර දුම්රිය මාර්ගයේ කිලෝ මීටර් 254.54 හි ඇති පැරණි පාලම වෙනුවට නව පාලමක් සකස් කිරීම වෙනුවෙන් වන ඉදිකිරීම් කටයුතු හේතුවෙන් මෙම කාලසීමා තුළ දුම්රිය ධාවනය සීමා කෙරෙනු ඇත.

මැදවච්චිය සිට තලෛයි මන්නාරම දක්වා සහ තලෛයිමන්නාරම සිට මැදවච්චිය දක්වා ගමන් කරන මගීන්ට ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ මගින් ගමන් පහසුකම් සලසා ඇති අතර එම කාලය තුළ දුම්රිය මගීන්ට සිදුවන අපහසුතාවය හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව කණගාටුව ප්‍රකාශ කර සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *