(කොළඹ, ලංකාපුවත්) – චීනයේ ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරිකයකු සහ නොබෙල් සම්මාන ලාභියකු වන ලියු ෂියාබෝ ජීවිතක්ෂයට පත් වූ බව බීබීසී පුවත් සේවය වාර්ත කරයි.
විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු ලෙස කටයුතු කළ ඔහු මියයන විට 61 හැවිරිදි වියේ පසු විය.
ලියු ෂියාබෝ ගේ මරණයට හේතුව පිළිකාවකි.
චීනයේ පවතින තනි පක්ෂ ක්‍රමය අහෝසි කරන ලෙස ඉල්ලා අන්තර්ජාලයේ පෙත්සමක් පල කිරීම හේතුවෙන් ඔහුට වසර 11ක සිර දඩුවමක් නියම කෙරුණි.
ෂියාබෝ හට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විදෙස් ගත වීමට අවසර ලබා දෙන ලෙස චීන රජයෙන් ඉල්ලා සිටියද, රජය එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කල බව බීබීසී පුවත් සේවයේ දැක්වේ.
ලියු ෂියාබෝ 2010 වසරේ දී නොබෙල් සාම ත්‍යාගය හිමි විය.