පොලිස්පතිට සම්මානයක්

(කොළඹ, ලංකාපුවත්) – 2017 වර්ෂයේ ශ්‍රී ලංකාවේ හොඳම සේවා යෝජකයන්ට පිරිනමනු ලබන සම්මනය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට හිමි වේ.

ලෝකයේ මානව සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන් නිරීක්‍ෂණය හා අගයන ආයතනයක් වන World HRD Congress ආයතනය විසින් සංවිධාන කළ 2017 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම සේවා යෝජකයාට හිමි ජීවිතයේ එක්වරක් පමණක් පිරිනමනු ලබන සම්මානය ප්‍රදානය කිරීමේ උත්සවය ඊයේ(13) කොළඹ දී පැවැත්විණි.

එහිදී මේ වසරේ ශ්‍රී ලංකාවේ හොඳම සේවා යෝජකයාට හිමි ජීවිතයේ එක්වරක් පමණක් පිරිනමනු ලබන සම්මානය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට පිරිනැමුණි. එහිදී ශ්‍රී ලංකා පොලිසිය ද ඇගයීමට ලක්විය.

මෙම අවස්ථාවට World HRD Congress ආයතනයේ නිලධාරීන් මේනම ශ්‍රී ලංකා පොලිසියේ උසස් නිලධාරීන් පිරිසක් සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *