ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපති ධූරය දුමින්ද රත්නායකට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස දුමින්ද රත්නායක මහතා පත් කර තිබේ.

මීට පෙර ආයෝජන මණ්ඩල සභාපති ධූරය දරණු ලැබුවේ ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතාය’ ඔහු ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් සිදු වූ පුරප්පුඩුව සඳහා දුමින්ද රත්නායක මහතා පත් කර ඇත.

දුමින්ද රත්නායක මහතා ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකි. ඔහු එටිසලාට් ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියා ද වේ.

මීට අමතරව අජිත් ගුණවර්ධන සහ මංගල පී බී යාපා යන මහත්වරුන් අධ්‍යක්ෂකවරුන් ලෙස පත්ව ඇත.

අජිත් ගුණවර්ධන මහතා ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ නියෝජ්‍ය සභාපතිවරයා වේ. මංගල පී බී යාපා මහතා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු ප්‍රධාන නිලධාරියාද වේ’

Leave a Reply

Your email address will not be published. Required fields are marked *