(කොළඹ, ලංකාපුවත්) – මහරගම අපේක්ෂා රෝහලේ ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකය, හයමසක් තුළ සිදු කළ ඇටමිදුළු බද්ධ කිරීමේ සැත්කම් 10 සියයට සියයක් සාර්ථක වී ඇතැයි එම ඒකකයේ පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් අබේසිංහ මහතා සදහන් කරයි.
මෙම සැත්කම ශ්‍රී ලංකාවේ සිදු කිරීම ආරම්භ කිරීමට පෙර විදෙස් රටවල ගොස් සැත්කම සිදු කර ගැනීමට රෝගීන්ට සිදු වූ අතර සැත්කම සඳහා පමණක් රුපියල් ලක්ෂ 40-50 අතර මුදලක් වැයවූ බව වෛද්‍යවරයා පැවසීය.
මෙම රෝගීන්ට අවශ්‍ය ඉස්තරම්ම වර්ගයේ ප්‍රතිජීවක ඖෂධ රජය මගින් සැපැයීමට සෞඛ්‍ය අමාත්‍යංශය එකඟතාව පළ කර ඇත.
මෙමඇටමිදුළු බද්ධ කිරීමේ සැත්කමවිදෙස් රටවල සිදුකරන ප්‍රමිතියෙන්ම ශ්‍රී ලංකාවේදී සිදු කෙ රෙන අතර ඒ පිළීබඳව තමන් සහතික වන බවද විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් අබේසිංහ මහතා කියා සිටියේය.
ශ්‍රී ලංකාවේ දී ඇට මිදුළු බද්ධ කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නොමිලේ සිදු කරන අතර එය ආරම්භ කරන ලද්දේ 2016 දෙසැම්බර් මාසයේ දීය. මේ වන විට මෙම සැත්කම සඳහා ලබන වසරේ මාර්තු මාසය දක්වා රෝගීන්ට දින වෙන් කර ඇති බවද විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
ඕස්ට්‍රේලියාවේ පුහුණුව ලත් ශ්‍රී ලාංකීය විශේෂඥ වෛද්‍යවරුන් සිව් දෙනකු, හෙද නිලධාරීන් පස් දෙනකු, තවත් වෛද්‍යවරුන් සිව් දෙනකු හා රසායනාගාර විද්‍යාඥයින් තිදෙනකු ඇතුළු 16 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමෙහි ලා දැඩි කැප වීමකින් කටයුතු කරන බවත් විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් අබේසිංහ මහතා පෙන්වා දෙයි.
මෙම සැත්කමට පෙර සිදු කරන සියලු පරික්ෂණ සඳහා රුපියල් ලක්ෂ තුනක් දක්වා වියදම් ජනාධිපති අරමුදලින් දරනු ලබයි.