(කොළඹ, ලංකාපුවත්) – වර්තමාන රජය බලයට පත්වීමට පෙර නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතේ පවතින ඇතැම් ආයතනවලට මුදල් ගෙවා අධ්‍යාපනය ලැබීමට දරුවන්ට සිදුව තිබූ අතර වත්මන් රජය යටතේ එම සියලු අධ්‍යාපන ආයතන මුදල් ගෙවීම්වලින් නිදහස් කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.
ජගත් නිපුණතා දින සැමරුම් උත්සවය නිමිත්තෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ ඊයේ(19) පැවති උත්සවයට එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව සදහන් කළේය.
ජනාධිපතිතුමා කියා සිටියේ නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීම මෙන්ම රටේ තරුණ තරුණියන්ට හොඳ වෘත්තීය පුහුණුවක් ලබාදීමට ද රජය කටයුතු කරමින් සිටින බවය.
ඒ සඳහා ආයෝජන රැසක් මේ වන විටත් සිදුකර ඇත.
ශ්‍රී ලංකා රජය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට කරන ලද යෝජනාවක් අනුව ජුලි 15 වන දින ජගත් තරුණ නිපුණතා දිනය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
ශ්‍රී ලංකා නිපුණතා වෙබ් අඩවිය විවෘත කිරීමද මෙහිදී ජනාධිපතිවරයා විසින් සිදුකරන ලදි.
ජගත් නිපුණතා දින සැමරුමට සමගාමීව වෘත්තීය පුහුණුව හදාරන දරුවන් සදහා පළාත් මට්ටමින් සහ ජාතික මට්ටමින් පැවති තරගවලින් ජයග්‍රහණය කළ සිසුන්ට ත්‍යාග ප්රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.
ශ්‍රී ලංකා නිපුණතා මහලේකම් කාර්යාලය පිහිටුවීම පිළිබද ලියවිල්ල නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.
ජාතික නිපුණතා ශ්‍රම බලකායක්, ජාතිය සතු කිරීම උදෙසා වන ශ්‍රී ලංකා නිපුණතා Ten+one වැඩසටහන ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.