(කොළඹ, ලංකාපුවත්) – අතීත වාරි සංස්කෘතිය යළි රටට කැඳවාගෙන එමින් කෘෂි ආර්ථිකය ගොඩනැංවීමට රජය කි‍්‍රයාත්මක කර තිබෙන වැඩපිළිවෙළ යටතේ ති‍්‍රකුණාමල දිස්ති‍්‍රක්කයේ පමණක් වැව් 25 ක ප්‍රතිසංස්කරණ කටයුතු මෙම වසරේ නිමකර තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.
ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ දේශීය ආහාර නිෂ්පාදන වැඩසටහනේ 2016 විශිෂ්ටයින් ඇගයීම වෙනුවෙන් අද (21) පෙරවරුවේ ඓතිහාසික කන්තලේ ජලාශය අසල පැවති උත්සවය අමතමිනි.
තී්රකුණාමල දිස්ති‍්‍රක්කයේ වැවි අමුණු ප්‍රතිසංස්කරණය, මාර්ග සංවර්ධනය, අලි වැට ඉදිකිරීම, සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්රවල සංවර්ධනය සඳහා වසර 03 ක සැලැස්මක් යටතේ කි‍්‍රයාවට නැංවූ ,සිරිසර පිවිසුම, දිස්ති‍්‍රක් වැඩසටහන සඳහා රුපියල් මිලියන 5,000 ක් ජනාධිපති කාර්යාලය හරහා වෙන් කිරීමට පියවර ගත් අතර ඒ යටතේ මේ වසර සඳහා ලබාදුන් රුපියල් මිලියන 1000 න් රුපියල් මිලියන 200 කට වැඩි මුදලක් වැය කරමින් මෙම වැව් 25 ප්‍රතිසංස්කරණය කෙරුණු බව ජනාධිපතිතුමා පැවසීය.
මේ යටතේ ති‍්‍රකුණාමල දිස්ති‍්‍රක්කයේ කුඩා වැව් අමුණු 500 ක් ප්‍රතිසංස්කරණ කෙරෙන අතර වැවෙන් වැවට වතුර පිරෙන, වැසි ජලය අපතේ නොයන ජාලගත ඉපැරණි වාරි ක්‍රමයක් වන එල්ලංගාව වැව් ජාලය හරහා මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරේ.
මේ අනුව ප්‍රතිසංස්කරණ කෙරුණු කන්තලේ, ගංතලාව යුනිට් 12 වැව ජනතා අයිතියට පවරාදීම අද (21) පෙරවරුවේ ජනාධිපතිතුමා අතින් සිදු විය.
ගම් වැසියන්, ගොවි සමිති සහ ගොවි නායකයින්ගේ සහභාගිත්වයෙන් කි‍්‍රයාත්මක වැඩසටහන සඳහා ශී‍්‍ර ලංකා යුද හමුදාවේ දායකත්වය හිමි වන අතර රුපියල් මිලියන 23 ක මුදලක් ඇස්තමේන්තුගත කර තිබු ගංතලාව යුනිට් 12 වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ යටතේ රුපියල් මිලියන 05 ක මුදලකින් නිම කිරීමට හැකිවීම ද විශේෂත්වයකි.
සමරු ඵලකය නිරාවරණය කර ප්‍රතිසංස්කරණය කෙරුණු වැව ජනතා අයිතියට පවරාදීම ජනාධිපතිතුමා අතින් සිදු විය.
සිරිසර පිවිසුම, දිස්ති‍්‍රක් වැඩසටහන සඳහා යොදා ගැනීමට ට්‍රැක්ටර්, බවුසර්, ටේලර් යන්ත්‍ර සහ කැබ් රථ 05 ක් ශී‍්‍ර ලංකා යුද හමුදාවේ ඉංජිනේරු බලකාය වෙත නිල වශයෙන් භාරදීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.
අනතුරුව කන්තලේ ජලාශය අසල පැවති දේශීය ආහාර නිෂ්පාදනයේ 2016 විශිෂ්ටයින් ඇගයීමේ උත්සවයට ජනාධිපතිතුමා සහභාගී විය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ මේ රටේ ඓතිහාසික පදනම සහ ඉතිහාසයේ සමෘද්ධිමත් යුගයන් පිළිබඳ සැලකීමේ දී රට ගොඩනැගිය හැක්කේ කෘෂිකර්මාන්තය පදනම් කර ගත් ආර්ථිකයක් තුළින් බවයි.
කෘෂිකාර්මික ආර්ථිකයක් තුළ රට ගොඩනැගීමට නම් ගොවි ජනතාවට යහපත් ආර්ථික තත්ත්වයක් උදාකර දිය යුතු අතරම පිටරටින් ගෙන්වන බොහෝ දේ අපේ රටේ නිෂ්පාදනය කර ආහාරවලින් ස්වයංපෝෂිත විය යුතු බව පැවසූ ජනාධිපතිතුමා එම කටයුතු සඳහා ප්රමුඛත්වයක් දී කටයුතු කිරීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බව ද කියා සිටියේය.
මොරගහකන්ද ජලාශය යටතේ අනුරාධපුර, පොළොන්නරුව, ති‍්‍රකුණාමලය සහ වයඹ වැව් 700 කට වැඩි ප්‍රමාණයක් ප්‍රතිසංස්කරණය කෙරන බවත් මොරගහකන්ද ජලාශයේ වැඩ නිම වීමෙන් පසුව දශක ගණනාවක් පුරා ජලය නොමැතිව පීඩාවිදී මෙම ප්‍රදේශවල ජනතාවගේ ජල ගැටලූවට ස්ථීරසාර විසඳුමක් ලැබෙන බවත් ප්‍රකාශ කළ ජනාධිපතිතුමා ඒ තුළින් කන්තලේ නගරයේ ජනතාවගේ පානීය ජල ගැටලූවට ද ස්ථීර විසඳුමක් ලැබෙන බව සඳහන් කළේය.
“මෛතී‍්‍ර පාලනයක් – ස්ථාවර රටක්” ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් සුරක්ෂිත ආහාර හා තිරසර ගොවිතැන සංකල්පය යටතේ දේශීය ආහාර නිෂ්පාදනයේ ප්‍රවර්ධනය වෙනුවෙන් කරන ලද විශිෂ්ට මෙහෙවර අගයමින් ගොවීන් 48 දෙනෙකුට ජනාධිපති සම්මාන ප්රදානය කිරීම මෙහිදී සිදු විය.
ඒ යටතේ පළමුවැනි ස්ථාන දිනාගත් 17 දෙනෙකු ජනාධිපතිතුමා අතින් සම්මාන ලබා ගත්හ.
පශු සම්පත්, ධීවර හා වැවිලි කර්මාන්ත අංශ 03 යටතේ මෙම සම්මාන ප්රදානය කෙරුණු අතර නවීන තාක්ෂණය සහ නවීන වගා ක්‍රම භාවිතය, රසායනික ද්‍රව්‍ය අවම කර කාබනික පොහොර නිෂ්පාදනය සඳහා යොමු වීම වැනි කරුණු මෙම ගොවීන් තෝරා ගැනීමේදී ප්‍රධාන නිර්ණායක කොට ගෙන තිබේ.