(කොළඹ, ලංකාපුවත්) – රඹුක්කන තේමා ගම්මානය පාසල් දරු දැරියන් සඳහාඅධ්‍යාපනය ලබා දීමේ මධ්‍යස්ථානයක් ලෙස වැඩි දියුණු කිරීමට සබරගමුව පළාත් සභාව කටයුතු කර ඇත.
එය සිසු අයිතියට පැවරීම පසුගියදා පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා අතින් සිදුවිය.
සබරගමුව පළාත් සභාව මගින් රඹුක්කන පින්නවල අලි අනාථාගාරය සහ සත්ව උද්‍යානය ආශ්‍රිතව මෙම තේමා ගම්මානය ඉදිකර ඇත.
දිවයිනේ ඉපැරණි ගමක ස්වරූපය අනුව ඉදිකර ඇති මෙහි ආරච්චි, වෙද, ගොවි, වඩු, කුඔල් අත්යන්ත්‍ර ආදී සාම්ප්‍රදායික නිවාසද, කෙත, හේන, කමත, කම්හල, වැව, ඇතුළු සාම්ප්‍රධායික අංගයන්ද ඉදිකර ඇත. ආරච්චිල, ගොවියා, කම්මල්කරු, ඇතුළු සාම්ප්‍රධායික ගමක ජීවත් වූ ප්‍රජාව ද මෙහිදී දැකගත හැකිය.
එමෙන්ම එකළ භාවිතා වූ කෘෂි, ආර්ථික, සාමාජීය, සංස්කෘතික හා නීතිරීති සහ තහංචි පිළිබඳ ව ද පුළුල්ව හැදෑරීමට මෙහි අවස්ථාව සලසා ඇත.
එකවර පාසල් දරු දැරියන් 300ක් සඳහා අධ්‍යාපනය හැදෑරීමට මින් ඉඩ ප්‍රස්ථා සලසා ඇත.