‘ආවා’ කල්ලියේ තවත් 03ක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –’ආවා’ කල්ලියට අයත් තවත් සැකකරුවන් තිදෙනෙක් චුන්නාකම් පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.

මෙම සැකකරුවන් පිරිස ඊයේ(09) රාත්‍රී 7.35 ට පමණ චුන්නාකම් පොලිස් වසමට අයත් මල්වම් කනත්ත අසලදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් සැකකරුවන් වන මානිප්පායි ප්‍රදේශයේ පදිංචි තුරෙයිසිංහම් රාජ් කුමාර් හෙවත් අජිත් කුමාර්, එම ප්‍රදේශයේම පදිංචි රවිචන්ද්‍රන් ස්ට්‍රාලිංටන් හෙවත් එස්.ආර් සහ චුන්නාකම් ප්‍රදේශයේ පදිංචි ක්‍රිෂ්ණපිල්ලේ කිරුබාකරන් හෙවත් කිස්බා යන පුද්ගලයින් වේ.

මෙම සැකකරුවන් අද(10) දිනයේ දී මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *