ලෝක ශූරතා මලළ ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකාවේ අවසන් බලාපොරොත්තු බොඳවෙයි

(කොළඹ, ලංකාපුවත්) – ලෝක ශූරතා මලළ ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකාවේ අවසන් බලාපොරොත්තු දෙක ද බොඳව ගියේය.

මීටර් 800 කාන්තා සුදුසුකම් ලබා ගැනීමේ තරගයේ දී නිමාලි ලියනාරච්චිට ජයග්‍රහණයක් වාර්තා කිරීමට නොහැකි විය. එහිදී ඇය වාර්තා කළ කාලය විනාඩි 2යි තත්ත්පර 8.49කි. මේ අනුව ඇයට අවසන් තරගයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

එසේම පිරිමි හෙල්ල විසි කිරීමේ මූලික අදියරට සහභාගි වූ වරුණ රන්කොත් ට අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට හැකි වූයේ නැත. පළමු විසි කිරීමේ දී මීටර 73.16ක් වාර්තා කිරීමට ඔහු සමත් විය. එහෙත් දෙවන සහ තුන්වන විසිකිරීම් අසාර්ථක වීම ඔහුට තරගාවලියෙන් ඉවත් වීමට බලපා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *