(කොළඹ, ලංකාපුවත්) – ඉසුරුමත් යුගයකට ගමන් කරනවා නම් ආර්ථිකය ශක්තිමත් කළ යුතු අතර ම ආර්ථිකය සකස් කරනවා සේම මූලික දේශපාලන රාමුව සකස් කළ යුතුව තිබෙනවා යැයි ද මේ ක්‍රමය ඉතා ශීඝ්‍රයෙන් ඇති කිරීම සියලූදෙනාගේ බලාපොරොත්තුව නමුත් සමාජයක් ශීඝ්‍රයෙන් ප්‍රතිසංස්කරණයට ලක් නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී ඊයේ (14) පැවැති “ශාස්ත්‍ර හැන්දෑව” සුජිත් අක්කරවත්ත මහතා විසින් රචිත සිවගිරියෙන් සීගිරියට, මතක පද සහ ගිරි සිරස යන නවතම ග්රන්ථ ත්‍රිත්වය දොරටවැඩීමේ උත්සවයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.
“වසර 20 කට පෙර අප අන්තර්ජාලය පිළිබඳ ව සිතුවේවත් නැහැ. එමෙන්ම තොරතුරු තාක්ෂණය පිළිබඳ ව මෙවැනි විපර්යාසයක් ඇති වේයැයි සිතුවේ නැහැ. ජංගම දුරකථනය බිහිවුණා. විටින් විට හැම අංශයම වෙනස් වුණා. වෛද්‍ය විද්‍යාව වෙනස් වුණා. නීතිය වෙනස් වුණා. ඉදිරියටත් එලෙස වෙනස්වීම් සිදුවේවි. එසේ වනවිට සමාජය වියවුල් විය යුතුයි”.
“අප නීති මගින් වෙනස්කම් ඇති කළත් සමාජයේ පිළිගැනීම ඇති කරන්නේ කෙසේදැයි කල්පනා කළ යුතුයි. දේශපාලනය සමාජය පිළිගන්නා තැනට ගමන් කරන්නේ කෙසේදැයි සැලසුම් කළ යුතුව තිබෙනවා. අද තිබෙන දේශපාලන අදහස කුමක් ද? අද පවතින්නේ මීට දශක දෙකකට, තුනකට පෙර තිබූ අදහස්වලට සම්පූර්ණයෙන් වෙනස් තත්ත්වයක් බව කිව යුතුයි. අප කුඩාකාලයේදී ආචාර්ය එන්.එම්. පෙරේරා, කොල්වින් ආර් ද සිල්වා පෙළපාළි යන ආකාරය අප දුටුවා. නමුත් වර්තමානයේ එවැනි තත්ත්වයක් නැහැ. ලෝක දේශපාලනයත් ඒ අයුරින්ම වෙනස්වී තිබෙනවා. කම්කරුවා කවුද? ගොවියා කවුද? යන කාරණය පවා වෙනස්වී තිබෙනවා”.
“ඉසුරුමත් යුගයකට ගමන් කිරීම යන කාරණයේදී දේශපාලනය ඉතා වැදගත් බව කිව යුතුයි. රටේ ඒ පිළිගැනීම ඇති විය යුතුයි. පොරොන්දු වුණත් යහපාලනයක් ඇති කළේ නැතැයි ඇතැමුන් අපට දොස් කියනවා. යහපාලනයත් සමාජය පිළිගත යුතුයි. එනම් යහපාලනය යනු කුමක්දැයි අප තීරණය කළ යුතුයි. එම යහපාලනය ගොඩනගන්නේ කෙසේදැයි වාද කළ යුතුයි. මේ වන විට යහපාලන ගමන ආරම්භ කර තිබෙනවා. එය මීට වඩා වේගවත් කළ හැකි දැයි විවාද කළ යුතුව තිබෙනවා. ගමන ආරම්භ කළත් වසරකින් හෝ දෙකකින් එය අවසන් වන්නේ නැහැ. යහපාලනයේ ඇතැම් අංශ ගැන බොහෝ අය පිළිගන්නවා. ඇතැම් කරුණු ගැන සංශෝධන තිබෙනවා”.
“පාර්ලිමේන්තුව බහුතරයක් ඇති පක්ෂයේ ආණ්ඩුවේ යාන්ත්රණයට යටවෙනවා වෙනුවට එතැනින් ඔබ්බට ගොස් ස්වාධීන ක්‍රමවේදයකට ගමන් කරනවා. ඒ සඳහා යුරෝපීය සංගමයෙන්, ඇමරිකාවෙන් ආධාර උපදෙස් ලබාදී තිබෙනවා. මෙරට මන්ත්‍රීවරුන් එහි ගොස් සහ එහි මන්ත්‍රීවරුන් මෙහි පැමිණ අදාළ කටයුතු කරනවා. අවසානයේ ඉසුරුමත් යුගය යනු පාලකයන් නොවේ. දේශපාලකයන් ලෙස එක් අතකින් අප ඊළඟ මැතිවරණය දෙසත් කල්පනා කළ යුතුයි. අනෙක් අංශයෙන් රට ගොඩනැගීම සඳහා දිගුකාලීන සැලසුම් තිබිය යුතුයි. මේ අංශ දෙක සමබරතාවයකින් යුතුව ඉදිරියට ගෙන යාම සාර්ථක දේශපාලන පක්ෂයක ලක්ෂණයයි. මැතිවරණයකදී ඊට මුහුණදිය යුතුව තිබෙනවා. මැතිවරණයෙන් පරාජයට පත් වීමට කිසිම පක්ෂයක් සූදානම් නැහැ. අනෙක් අතට මැතිවරණයේදී තම අදහස් ප්‍රකාශ කරන්නේ කෙසේද? එමෙන්ම දිගුකාලීන සැලසුම් ඇතිව ක්‍රියා කරන්නේ කෙසේද? යනුවෙන් තීරණය කළ යුතුයි. ඒ සඳහා සමාජයේ විනිවිද භාවයක් ඇති කළ යුතුයි. අප ක්‍රියාත්මක වන්නේ ඒ සමාජ විනිවිද භාවය ඇති කිරීම සඳහායි. හම්බන්තොට වරාය පිළිබඳව අප මාස 06 ක් තිස්සේ වාද විවාද කළා. පාර්ලිමේන්තුවට ඒ ගැන කරුණු ඉදිරිපත් කළා. ගිවිසුම් ඇති කරගත්තා. නොකළ දෙයක් නැහැ. නමුත් පෙර රජය සමයේ එළඹුණු ගිවිසුම් ගැන කිසිවෙකුත් කතා කළේ නැහැ”.
“අමාත්‍යවරුන් දෙදෙනෙකු වැරැදිකරුවන් යැයි තීරණය කරන්නටත් පෙර ඉවත්වී තිබෙනවා. හරිවැරැද්ද තීරණය කිරීමෙන් පසුව අපගේ තීරණය ගැනීමට ඉඩදී ඒ ක්‍රියාව සිදු කළා. අප ක්‍රමානුකඣලව එවැනි යහපාලන සංකල්පවලට ගමන් කරමින් සිටිනවා. පාර්ලිමේන්තුවේ අගමැතිවරයාගෙන් ප්‍රශ්න අහන අවස්ථාවල ඇතැම්විට බලාපොරොත්තු වෙන ආකාරයේ වැදගත් ප්‍රශ්න නැහැ. අප ඉදිරිගමන යන ආකාරය ගැන පෙන්වාදී තිබෙනවා. ඉදිරියේදී අපට තවත් දොස් කියාවී. වේගය මදි, බොරු කරනවා යැයි සඳහන් කරාවි. රඟපෑමක් කරනවා යැයි කියාවි. එවැනි දේ පැවසීමටත් අප මාධ්‍ය නිදහසක් ලබාදී තිබෙනවා”.
ඉසුරුමත් යුගයකට ගමන් කිරීම සඳහා අප පරිවර්තනයක් ඇති කර තිබෙන බවත් ඒ තුළ දේශපාලන රාමුව, ආර්ථික රාමුව, සමාජ රාමුව සියලූම දෙනා එකට එක්වී බිහිකර ගත යුතු යැයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.