(කොළඹ, ලංකාපුවත්) – සංචාරක ඉන්දියාව සමග පැවති පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත්වීමත් සමග ඊයේ(20) කලහකාරී තත්ත්වයක් ක්‍රීඩා පිටියේ ඇති විය.
දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ පැවති මෙම තරගයේ කඩුළු 9 ක පරාජයක් ශ්‍රී ලංකාව ලැබීය.
අත්දැකීම් රහිතභාවය මෙම පරාජයට හේතුවූ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු නික් පෝතස් මහතා පැවසීය.
ශ්‍රී ලංකා නවක ක්‍රීඩකයින්ට අත්දැකීම් සහිත ඉන්දීය පන්දු යවන්නන්ට මුහුණ දීමට අපහසු වූ බව පුහුණුකරු කියා සිටියේය. එමෙන්ම ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් එක්දින සංචිතයට ඇතුලත් නොමැති වීම තේරීම් කමිටුවෙන් විමසිය යුතු ප්‍රශ්නයක් බවත් ඔහු සදහන් කළේය.
මෙම තරගය අවසන් වීමෙන් පසු ප්‍රේක්ෂකයින් කලහකාරී ලෙස හැසිරුණි. සංවිධායකයින් සහ පොලිසිය මැදිහත්ව මෙම තත්ත්වය පාලනය කළේය.