(කොළඹ, ලංකාපුවත්) – යේමනයේ සානා අගනුවර හෝටලයකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. ඒ අතර සිවිල්වැසියන් 35 දෙනෙකු සිටින බව වාර්තා වේ.
සෞදි අරාබිය ප්රමුඛ යුද සන්ධානය ප්‍රහාරය දියත් කර ඇත. ඔවුන් හවුති කැරළිකරුවන්ගේ ඉලක්කයක් වෙත ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර තිබේ.
හෝටලයේ රැඳී සිටි සියලුම දෙනා ජීවිතක්ෂයට පත්වූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.
ප්‍රහාරය සම්බන්ධයෙන් සෞදි අරාබිය ප්රමුඛ යුද සන්ධානය වගකීම් භාරගත යුතු බවට හවුති කැරළිකරුවන් චෝදනා කර සිටි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දත්තවලට අනුව 2015 වසරේ සිට මේ දක්වා එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 8,167 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් වේ.