අපේ රටේ සමතුන් ට ෂැංහයි නුවරින් තෑගි

(කොළඹ, ලංකාපුවත්) – මහජන චීන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන රජයේ ප්‍රවෘත්ති කාර්යංශයේ අනුග්‍රහයෙන් සංවිධාන වූ ‘මසිත මැවෙන ෂැංහයි’ තරගාවලියේ ජයග්‍රාහකයින්ට ත්‍යාග සහ සහතිකපත් පිරිනැමීම පසුගියදා සිදුවිය.

මෙම උත්සවය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සිනමා ශාලාවේ දී පැවැත්විණි.

ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සහභාගී විය.

චිත්‍ර, කථික සහ රචනා තරගයන්හි ජයග්‍රාහක – ජයග්‍රාහිකාවන්ට එහිදී ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය කෙරුණි. ජයග්‍රාහී නිර්මාණ සදහා රුපියල් දස දහසේ සිට රුපියල් ලක්‍ෂය දක්වා වූ ත්‍යාග මුදල් පිරිනැමුණි.

දිවයිනේ සියලුම පළාත් නියෝජනය කරමින් 5000කට අධික තරගකරුවන් සංඛ්‍යාවක් මෙම තරගාවියට එක්ව සිටියහ.

ෂැංහයි නාගරික බලධාරීන් විසින් කොළඹ විශ්වවිද්‍යාලයේ පුස්තකාලයට අවශ්‍ය පොත්පත් ලබා දීමක් ද මෙහිදී සිදු විය.

තරගාවලිය සංවිධාන කරන ලද්දේ CRI ශ්‍රී ලංකා ගුවන් විදුලිය, ගෝලීය CAMG සමූහය සහ OSTAR මාධ්‍ය ජාලයයි. තෝරාගත් සිතුවම් 200ක් මෙදින මහජන ප්‍රදර්ශනය සදහා ඉදිරිපත් කර තිබුණි.

මේ අවස්ථාව සදහා ෂැංහයි නාගරික මහජන රජයේ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ජූ යොං ලෙයි, ශ්‍රී ලංකාවේ සිටින චීන නියොජ්‍ය තානාපතිනි පං චූං ෂුවේ, කොළඹ නාගරික කොමසාරිස් වී. කේ. ඒ. අනුර, චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ සාමාන්‍යාංධිකාරී වං ෂියා ඕ තුං, කළමනාකාර අධ්‍යක්‍ෂ කස්සප සෙනරත් හා ප්‍රධාන විධායක නිලධාරී තිරජ් වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් ද එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *