(කොළඹ, ලංකාපුවත්) – පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණය හේතුවෙන් දැනට පැවැත්වෙන කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සඳහා ඉරිපත්වීමට නොහැකි වූ අපේක්ෂකයින් සඳහා විකල්ප දිනයක් ලබාදීමට කොරියානු මානව සම්පත් අංශය තීරණය කර තිබේ.
ඒ අනුව අපේක්ෂකයින්ට හිමිවන විකල්ප දිනයන් හා වේලාව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ www.slbfe.lk යන වෙබ් අඩවියේ පළකර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
අයහපත් කාලගුණය හේතුවෙන් විභාගයට ඉදිරිපත්වීමට නොහැකි වූවන් වෙනුවෙන් විභාගය පැවැත්වීම සඳහා මීට ඉහතදී අයදුම්පත් කැඳවා තිබූ අතර අයදුම්පත් ඉදිරිපත් කළ විභාග අපේක්ෂකයින් සඳහා මෙම විභාගය පැවැත්වේ.
මීට පෙර විභාගයට ඉදිරිපත්වීමට අපොහොසත් වූ අපේක්ෂකයින් සඳහා පිරවිය යුතු වූ අයදුම් පත කාර්යාංශ පැවැති විභාගයට ඉදිරිපත් වීමට නොහැකි වූ අයදුම් කරුවන් වෙනුවෙන් වන අයදුම්පත්‍රය කාර්යාංශ වෙබ් අඩවියේ පළකර තිබූ අතර අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයට නියමිත දිනට ඉදිරිපත් වීමට නොහැකි වූ බවට ප්‍රදේශයේ ග්‍රාම නිළධාරීවරයා හෝ සමාදාන විනිශ්චයකාරවරයෙකුගෙන් ලබාගන්නා තහවුරු ලිපියක් මඟින් සහතික කිරීම අනිවාර්ය වූ බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
මෙවර කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය අපේ‍්‍රල් මස 27 වන දින පැවැත්විණ.
මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 22888 දෙනෙකු සුදුසුකම් ලබා ඇති අතර ඉන් 16431 ක් නිෂ්පාදන අංශය සඳහා විභාගයට පෙනීසිටින අතර 6457 දෙනෙකු ධීවර අංශයේ විභාගය සඳහා පෙනි සිටියහ.
මේ පිළිබඳව අදහස් දක්වමින් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළේ, පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් විභාගයට ඉදිරිපත්වීමට නොහැකි වූ අපේක්ෂකයින්ට මෙය මහඟු අවස්ථාවක් බැවින් එම අවස්ථාව මඟනොහැර ප්‍රයෝජනයට ගන්නා ලෙසයි.