ටෙක්සාස් ප්‍රාන්තයට බලපෑ හාවි සුළි කුණාටුවත් සමඟ ගංවතුර තත්ත්වයක්

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට බලපෑ ‘හාවි’ සුළි කුණාටුව සමග හටගත් ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ගංවතුර තත්ත්වයක් හට ගෙන ඇත.

මේ වන විට එය ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. ඒ සමග හූස්ටන් ප්‍රදේශයේ රැදි සිටි 2,000ක පමන පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබේ.

පීඩාවට පත් වූවන් සදහා තාවකාලික කඳවුරු පිහිටුවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

ගංවතුර හේතුවෙන් මාර්ග 250ක් වසා දමා ඇති බව ටෙක්සාස් ප්‍රාන්තයේ ආණ්ඩුකාර ග්රෙනග් ඇබට් ප්‍රකාශ කළේය. එමෙන්ම ප්‍රාන්ත 19කට හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවසර ලබා දුන් බවද ඔහු පැවසීය.

ගංවතුරින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.

අයහපත් කාලගුණය හේතුවෙන් හූස්ටන් හි ජෝර්ජ් බුෂ් ජාත්‍යන්තර ගුවන්තොටුපල යළි දැනුම් දෙන තුරු සියලුම ගුවන් ගමන් වාර අත්හිටුවා තිබේ.

මේ අතර, ජනාධිපති ට්‍රම්ප් ගංවතුර ව්‍යසනයෙන් සිදු වු හානිය නිරික්ෂණය කිරීම සඳහා ටෙක්සාස් ප්‍රාන්තයට ගමන් කිරීමට නියමිත බව ධවල මන්දිරය ප්‍රකාශ කර ඇත.

2005 වසරෙන් පසුව අමෙරිකාවට බලපෑ දරුණුතම සුළි කුණාටුව මෙය බව විදෙස් මාධ්‍ය හදුන්වා දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *