4 වන එක්දින තරගයේ ශ්‍රී ලංකා නායකත්වය මාලිංගට

(කොළඹ, ලංකාපුවත්) – සංචාරක ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත 04වන එක්දින ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ලසිත් මාලිංගට හිමිවනු ඇතැයි වාර්තා වේ.

දෙරට අතර පැවති තුන්වන එක්දින තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූයේ චාමර කපුගෙදරයි. එහෙත් මේ වනවිට කපුගෙදරට කොන්දේ ආබාධයක් වැළ දී ඇතැයි දැනුම්දී තිබෙන බව ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහ මහතා පැවසීය.

ඉදිරි පැය 24 තුළ ඔහුගේ තත්ත්වය නිරීක්ෂණයකර මීළඟ තරගය පිළිබඳ තීරණයක් ගන්නා බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මේ අනුව හතරවන එක්දින තරගය කපුගෙදරට ක්‍රීඩා කිරීමට නොහැකි වුවහොත් කණ්ඩායමේ නායකත්වය ලසිත් මාලිංගට හිමිවනු ඇත.

නායකයා ලෙස කටයුතු කරමින් 2014 පන්දුවාර 20-20 ක්‍රිකට් ලෝක කුසලානය මෙරටට දිනාදුන්නේ ද ලසිත් මාලිංග වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *