” කලණ මිතුරු – පොත් සුමිතුරු” වැඩසටහනේ සමාරම්භය ජනපති ප්‍රධානත්වයෙන්

(කොළඹ, ලංකාපුවත්) – පාසල් සිසුන්ගේ කියවීමේ රුචිය වර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාවට නංවා තිඛෙන ” කලණ මිතුරු – පොත් සුමිතුරු” වැඩසටහනේ සමාරම්භක උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (06) කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්විණි.

සංකේතාත්මකව පාසල් දරුවන්ට පොත් කට්ටල ඛෙදාදීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදුවිය.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, රාජ්‍ය අමාත්‍ය වී රාධක්‍රිෂ්ණන් යන මහත්වරුන් ද මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා ඇතුළු ප්‍රධාන අමාත්‍යවරුන්, පළාත් අධ්‍යාපන අමාත්‍යවරුන් සහ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *