හෙට සිට වැසි තත්වයේ අඩුවීමක්

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්වය තවදුරටත් පවන බවත්, එම තත්වය හෙටින් ( 07) පසු තරමක අඩු වීමක් බලාපොරොත්තු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

බස්නාහිර, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත් වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.

එසේම දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස 2.00න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවේ.

රත්නපුර,කෑගල්ල,කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සමහර ස්ථාන වලට තරමක් තද වැසි (මි.මි. 75-100ක පමණ) ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇතිවිය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

මේ අතර අද දින (06) දහවල් 12.09ට තෙල්වත්ත, බද්දේගම, දීගල, මුලටියන, ජඳුර, අත්තනවල සහ උඩමුල්ල යන ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *