ට්‍රම්ප් යුද ප්‍රකාශ කළ බවට උතුරු කොරියාවෙන් චෝදනා

(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උතුරු කොරියාවට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළ බවට උතුරු කොරියා විදේශ කටයුතු අමාත්‍ය රී යොන් හෝ චෝදනා කර සිටියි.

අමෙරිකානු ප්‍රහාරක යානා බිම හෙළීමට උතුරු කොරියාවට අයිතියක් ඇති බව එරට විදේශ කටයුතු අමාත්‍යවරයා නිව්යෝර්ක් නුවර දී මාධ්‍යවේදීන් අමතා සදහන් කර ඇත.

එම අයිතිය උතුරු කොරියා ගුවන් සීමාවෙන් පිටත පියාසර කරන ප්‍රහාරක යානාවලට ද අදාළ වන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

කෙසේ නමුත් මෙය හාස්‍යජනක ප්‍රකාශයක් ලෙස සලකා ධවල මන්දිරය ප්‍රතික්‍ෂේප කර ඇත.

මින් පෙර ද උතුරු කොරියාව අමෙරිකාව සම්බන්ධයෙන් අදහස් දැක්වීමේ දී යුද්ධ ප්‍රකාශ කිරීම යනුවෙන් භාවිත කළ බව සඳහන් ය.

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කළ ට්විටර් පණිවුඩයකට ප්‍රතිචාරයක් ලෙස උතුරු කොරියා විදේශ කටයුතු අමාත්‍යවරයා එම ප්‍රකාශය සිදුකර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *