(කොළඹ, ලංකාපුවත්) –පුරුෂයෙකු, ඔහුගේ බාල වයස්කාර බිරිඳ සමග ලිංගික කටයුතුවල යෙදීම දූෂණයක් ලෙස සලකනු ලබන බව ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
එය ඉන්දියාවේ බාල වයස්කාර විවාහ සම්බන්ධයෙන් දෙනු ලැබූ ඓතිහාසික තීන්දුවක් ලෙස සැලකේ.
සිය අභිමතයෙන් තොරව ලිංගික සංසර්ගයේ යෙදෙන්නේ නම් වසරක් ඇතුළත ඒ සම්බන්ධයෙන් පැමිණිලි කර ස්වාමිපුරුෂයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බාල වයස්කාර මනාලියකට අවස්ථාව හිමි වේ.
ඉන්දියාව තුළ සිය අභිමතය පරිදි ලිංගික ක්‍රියාකාරකම්වල යෙදීමට සහ විවාහ වීමට කාන්තාවකට නීතියෙන් අවසර හිමි වන්නේ වයස අවුරුදු 18 නි.