(කොළඹ, ලංකාපුවත්) – දිවයින ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වාභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ පළාත්වල අහස අද(30) දවසේ වලාකුළින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
එසේම වැසි සහිත කාලගුණ තත්ත්වයක් අපේක්සා කෙරේ.
දිවයිනේ බොහෝ පළාත්වල සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කෙරේ.
ඇතැම් ස්ථානවල විශේෂයෙන් ඌව ළාත් සමහර ස්ථානවල මි. මී. 150ට ආසන්න තද වැසි ද සබරගමුව, මධ්‍යම, උතුරු මැද සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවල මි. මී. 100ට වැඩි තද වැසිද බලාපොරොත්තු වේ.
දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල ඇතැම් ප්‍රදේශවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනු ලැබේ.
අකුණු මගින්සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දීමක් කරනු ලැබේ.
මේ අතර වීරකැටිය මැදමූලන ප්‍රදේශයේ දී අකුණු සැර වැදීමෙන් ඊයේ (29) පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබුණි.
මැදමූලන ප්‍රදේශයේ හෙලිකොප්ටර් යානා ගොඩබැස්සවීමේ ස්ථානයක වී වේලමින් සිටි පුද්ගලයින් තිදෙනෙකුට අකුණුසැර වැදී ඇති බව පොලීසිය සඳහන් කළේය. මියගොස් ඇත්තේ ගල්පොත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයින් තිදෙනෙකි.