මානව හිමිකම් මණ්ඩලය අමතන්න නියෝජ්‍ය ඇමති හර්ෂ ජීනිවා යයි

(කොළඹ, ලංකාපුවත්) –ජිනීවා නුවර ජගත් මානව හිමිකම් මණ්ඩලය ඇමතීමට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද (13) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

මානව හිමිකම් සුරැකීම වෙනුවෙන් රජය ගත් ක්‍රියාමාර්ග පිළිබඳ ලෝකය දැනුවත් කිරීමට ලැබෙන හොඳම අවස්ථාව මෙය බව නියෝජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේය. මානව හිමිකම් මණ්ඩලයේ ශ්‍රී ලංකාව පිළිබඳ විශ්ව කලාවර්තක ඇගයීම සඳහා ශ්‍රී ලංකාවට මෙවර අවස්ථාව හිමිව ඇත්තේ වසර 5 කට පසුවයි. සාමාජික රටවල මානව හිමිකම් තත්ත්වය පිළිබඳ ඇගයීමක් විශ්ව කලාවර්තක ඇගයීම යටතේ සිදු කෙරෙනු ඇත.

මේ පිළිබද තවදුරටත් පැහැදිලි කළ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා,

” අවුරුදු 5කට පස්සේ තමයි ලංකාවට අවස්ථාවක් ලැබෙන්නේ..අපි රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කරන්න රටේ මානව හිමිකම් ශක්තිමත් කරන්න ගත්ත ක්‍රියාමාර්ග ගැන ලෝකෙට දන්වන්න හොඳම අවස්ථාව තමයි මේ උදා වෙලා තියෙන්නේ..නොයෙකුත් පුද්ගලයෝ ගේන නොයෙකුත් චෝදනා වලට අපිට පිළිතුරු දෙන්න අවස්ථාවක් ලැබුණා..අපි පැය 3 හමාරක කාලයක් තිස්සේ මේ සාකච්ඡාව පවත්වන්න සුදානම් වෙනවා..දැනට අපිට ආරංචි වෙන විදියට රටවල් 100ක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඔවුන්ගේ මත ප්‍රකාශ කරන්න ඉල්ලලා තියන බව අපිට දන්වලා තියනවා..මාත් එක්ක විදේශ අමාත්‍යාංශයේ ලේකම්වරයා, ජිනීවා වල ඉන්න එක්සත් ජාතීන්ගේ අපේ නිත්‍ය නියෝජිතවරයා, නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහල පුද්ගලයෝ , විදේශ අමාත්‍යාංශයේ සිටින ඉහල නිලධාරින් සමඟ තමයි මේකට සම්බන්ධය වෙන්නේ..ධනාත්මක ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙනවා..”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *