ජපානයේ දුම්රිය කලින් පැමිණීම ගැන ජනතාවගෙන් සමාව අයැදී

(කොළඹ, ලංකාපුවත්) –ජපානයේ දුම්රියක් තත්පර 20කට පෙර ගමන් ඇරඹීම පිළිබඳව අදාළ සමාගම, ජනතාවගෙන් සමාව අයැද සිටි.

මෙය ටෝකියෝ අගනුවර සිට සුකූබා දක්වා ධාවනය වන දුම්රියකි. සාමාන්‍යයෙන් උදේ 9.44යි තත්පර 40ට ගමන් ඇරඹීමට නියමිත දුම්රිය 9.44යි තත්පර 20 දී ගමන් ආරම්භ කළ බවත්, මෙයින් කිසිඳු මගියෙකුට අපහසුතාවක් ඇතිවූයේ නම් ඒ පිළිබඳ කණගාටු වන බවත් එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

දුම්රිය සේවකයින් කාලසටහන නිසි පරිදි පරීක්ෂා නොකිරීම මීට හේතුව බව අදාළ සමාගම පවසා ඇත.

දුම්රිය, කලින් ගමන් ඇරඹීම පිළිබඳව කිසිඳු මගියෙකු චෝදනා කර නොතිබූ බවත්, එම සමාගම ප්‍රකාශ කර තිබුණි.

සමාව අයැදීම සම්බන්ධයෙන් බොහෝ සමාජ මාධ්‍යවලින් අදාළ සමාගමට පැසසුම් ලැබී තිබේ. ජපාන දුම්රිය සේවය සැලකෙන්නේ ලොව වඩාත් විශ්වාසවන්න දුම්රිය සේවයක් ලෙසය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *