ලොව ප්‍රමුඛතම ස්වභාවික ඡායාරූප තරගයේ දී ශ්‍රී ලාංකිකයෙකුට ඉහළම ත්‍යාගය

(කොළඹ, ලංකාපුවත්) –  ලොව ප්‍රමුඛතම ස්වභාවික ඡායාරූප තරගයේ දී ශ්‍රී ලාංකිකයෙකුට ඉහළම ත්‍යාගය හිමිව ඇති බව වොෂින්ටනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සදහන් කරනු ලැබේ.

ලක්‍ෂිත කරුණාරත්න විසින් ලබා ගත් අප්‍රිකානු සිංහයන්ගේ ඡායාරූපයක් මෙලෙස සම්මානයට පාත්‍ර වී ඇත. ඒ නොවැම්බර් මස 16 වනදා වොෂිංටන් ඩී.සී. හි පැවති ස්වභාව සෞන්දර්යයේ ස්මිත් රයිස් සම්මාන( 2017 Nature’s Best Windland Smith Rice Awards) ප්‍රදානෝත්සවයේ දී ය.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ඡායාරූප ශිල්පියකු මෙම සම්මානය ලබා ගෙන ඇත්තේ ප්‍රථම වරටය.

මේ සදහා ලොව පුරා ඡායාරූප ශිල්පීන් 26,000ක් නිර්දේශ වී ඇත.

මෙලෙස ඉහළම ත්‍යාගයෙන් පිදුම් ලැබූ ඡායාරූපය ලක්‍ෂිත කරුණාරත්න විසින් ලබාගෙන ඇත්තේ කෙන්යාවේ මැසායි මාර ජාතික රක්ෂිතයේ චාරිකාවක නිරත වූ අවස්ථාවේ දී ය. එම ඡායාරූපය ලබා ගැනීමේ දීම එය විශේෂිත ඡායාරූපයක් බව ඔහු දැන සිටි බව සදහන් කළේය.

ලක්‍ෂිත කරුණාරත්න කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකු වන අතර තේ වෙළඳාමේ රස පරීක්ෂකයකු ලෙසද කටයුතු කරනු ලැබේ. කරුණාරත්නගේ ස්වභාවික ඡායාරූප රැසක් දැනටමත් ඡාත්‍යන්තර සම්මාන රැසක් දිනා ඇත.

ශ්‍රී ලාංකික වන ජීවි ජයාරූප ශිල්පියෙක් වන ලක්ෂිත කරුණාරත්න අමෙරිකානු ජයාරූප ශිල්පීන්ගේ සංගමයේ (PSA (Photographic Society of America)) 2016 වසරේ ප්‍රමුඛ වනජීවී ජයාරූප ප්‍රදර්ශකයින් ප්‍රදර්ශකයින් අතරට එක්ව ඇති අතර පසුගිය මාස 12 තුල ජාත්‍යන්තර සම්මාන 250කට අධික සංඛ්‍යාවක්ද ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *